ඇල්පිටිය ආනන්ද විද්‍යාලීය මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ සමස්ථ ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛයි භාෂා මාධ්‍ය තරගාවලීය

ඇල්පිටිය ආනන්ද විද්‍යාලීය මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ සමස්ථ ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛයි භාෂා මාධ්‍ය තරගාවලීය - ACMA ' 24 හි සම්මාන ප්‍රධානෝත්සවය පසුගිය 12 වෙනිදා ආනන්ද විද්‍යාලීය රූපා කරුණාතිලක රංග ශාලාවේදී පැවැත්විණි.

දිවයින පුරා පාසල් වලින් පැමිණි තරගකරුවන් 800කට අධික ප්‍රමාණයක් මේ සදහා සහභාගී වූ අතර සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීම (ජ්‍යෙෂ්ඨ අංශය - සිංහල මාධ්‍ය ) යටතේ තරග වැදුණු අප විද්‍යාලයේ ඊෂ්මි රෙහානා ප්‍රථම ස්ථානයත්, සිංහල නිවේදන (අන්තර් මධ්‍යම    අංශය) යටතේ තරග වැදුණු තිනුක දම්යුරුදෙවන ස්ථානයත්, සිංහල පුවත් සංස්කරණය (කණිෂ්ඨ අංශය ) යටතේ තරග වැදුණු කුලන දම්සිත් දෙවන ස්ථානයත් හිමිකර ගනු ලැබිණි.දෙව්නද මාතාව වෙත ජයග්‍රහණයේ කීර්තිය රැගෙන ආ ඊෂ්මි,තිනුක, කුලන තිදෙනාටම දෙව්නද සැමගේ උණුසුම් සුභ පැතුම් ..








Related Posts